ලංසු ඇපකරය. සේවා යෝජකයාට දැනුම් දීම 14 1-13 1-14 අවශ්‍ය ආකෘති පත්‍ර සපයා තිබේද 14 1-13 1-14 ඇප බැඳුම්කරය ඉදිරිපත් කර ඇති ආයතනය 14 1-13 1-14 වලංගුභාවය ලංසු දත්තයන් හා ගැලපේද 14 1 - 14
ලංසු ඇපකරය. 14.1 ලංසුවේ කොන්දේසි වලට හා ලංසු මිල ගණන් වලට බැදී සිටීම සුරක්ෂිත කිරීම සඳහා ලංසු ඇපකරය අත්‍යාවශ්‍යය.
14.2 පත්‍රිකාවේ සඳහන් කර ඇති ආදර්ශ ආකෘති පත්‍රයට අනුව ලංසු දත්තයන්හි සඳහන් අගයට පහත සඳහන් කර ඇති ආකාරයකින් ලංසු ඇපකරයක් ඉදිරිපත් කල යුතුය. එය මණ්ඩලයේ ඉල්ලීමකට (On demand) අනුව මුදල් බවට හැරවීමේ හැකියාව තිබිය යුතුය.
(a) ශ්‍රී ලංකා මහ බැංකුව මගින් අනුමත කරන ලද ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ඕනෑම බැංකුවකින් ලබාගත් බැංකු ඇපකරයක්
(b) ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නමට ශ්‍රී ලංකාවේ බැංකුවක තැන්පත් කරන ලද ස්ථාවර තැන්පතුවක් හෝ පාස් පොතක්
(c) ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයට මුදල් තැන්පත් කර ලබාගත් කුවිතාන්සියක් (මුල් පිටපත මූලික ලංසු පත්‍රිකාව සමඟ අමුණා තිබිය යුතුය).
(d) ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙත ලියන ලද, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන බැංකුවක් මගින් නිකුත් කරන ලද සහතික කරන ලද චෙක්පතක්
14.3 මෙම බැංකු ඇපකරයේ වලංගු භාවය, ලංසු දත්තයන්හි සඳහන් කර ඇති දිනය දක්වා පැවතිය යුතුය.
14.4 පිළිගත හැකි ලංසු ඇපකරයක් අමුණා නොමැති ලංසු පත්‍රිකාවක්, අදාල ප්‍රසම්පාදන කමිටුව මගින් මෙහි වගන්ති අංක 25 අනුව නියමිත පරිදි ප්‍රතිචාර නොදැක්වූ ලංසු පත්‍රිකාවක් ලෙස ප්‍රතික්ෂේප කරනු ලැබේ.
14.5 මණ්ඩලය මගින් තීරණය කර ඇති පරිදි මෙහි වගන්ති අංක 15 අනුව ලංසුවේ වලංගුභාවය පවතින අවසාන දින පසු වී දින 30 කට පෙර, ලංසුව සඳහා නොතේරුනු ලංසුකරුවන්ගේ ලංසු ඇපකරයන් නිදහස් කොට නැවත ආපසු යැවීමට කටයුතු කරනු ලැබේ.
14.6 සාර්ථක ලංසුකරුවන්ගේ ලංසු ඇපකර මුදාහරිනු ලබන්නේ මෙහි වගන්ති අංක 32 අනුව කාර්යය සාධන ඇපකරයක් තැන්පත් කල පසුවය.
14.7 ලංසු ඇපකරයක් මුදල් කරගනු ලබන්නේ; ලංසු පත්‍රිකාවේ වලංගු කාලයට පෙර, ලංසුකරු විසින් ඔහුගේ ලංසුව ඉල්ලා අස්කර ගතහොත් ලංසුකරුවන් සඳහා වූ උපදෙස් හි ඇති වගන්ති අංක 26 අනුව ලංසුවේ මිල ගණන්වල නිවැරදි කිරීමක් ලංසුකරු පිළිගනු නොලැබුවහොත් සාර්ථක ලංසුකරු විසින් නියමිත කාලය ඇතුලතදී කාර්යය සාධන ඇපකරය ලබාදීමට නොහැකි වුවහොත් අදාල කොන්ත්‍රාත්තුව සඳහා කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් නොකලහොත් 14.8 ලංසු ඇප තැන්පතුව සඳහා කිසිම පොලි මුදලක් ගෙවනු නොලැබේ.