ලංසු පත්‍රිකා සංශෝධනය නියැදි කොටස්

ලංසු පත්‍රිකා සංශෝධනය. එම අතිරේකයන් පිළිගත් බව 9,19 1-8, 1-9, 1-18
ලංසු පත්‍රිකා සංශෝධනය. 9.1 ලංසුව භාර ගන්නා අවසන් මොහොතට පෙර, යම් කොන්ත‍්‍රාත්කරුවකු අදාල ලංසු පත‍්‍රිකාව පිළිබඳව යම් පැහැදිලි කර ගැනීමකදී හෝ නැතිනම් මණ්ඩලය මඟින්ම හෝ එම ලංසු පත‍්‍රිකාවේ කරුණු වල යම් වෙනසක් කිරීම සඳහා සංශෝධන නිකුත් කල හැකිය. 9.2 මෙම සංශෝධන එම ලංසු පත‍්‍රිකා මිලදීගත් සියළුම ලංසුකරුවන් වෙත ලිඛිතව දන්වා යවන අතර, ඒවා පිළි ගැනීමට ඔවුන් බැදී සිටි. එමෙන්ම ඒවා ලැබුණු බවට එම ලංසුකරුවන් පෙරලා අදාල සැපයුම් කමිටුව වෙත ලිඛිතව දැන්විය යුතුය. මේ සඳහා ලිපිනය මෙහි වගන්ති 18.2 (a) යටතේ ලංසු දත්තයන් හි දක්වා ඇත. 9.3 පසුව දක්වා එවන සංශෝධන වල කරුණු වලට අදාලව ලංසුකරුවන්ට කටයුතු කිරීම සඳහා කාල සීමාව අඩු බව හැඟි යයි නම් ලංසු භාර ගන්නා කාල සීමාව දීර්ඝ කිරීම පිණිස අදාල ප්‍රසම්පාදන කමිටුව මෙහි උප වගන්ති අංක 19.3 අනුව කටයුතු කරනු ඇත. 9.4 එම සංශෝධන වලට අදාල වන විස්තර ලංසු පත‍්‍රිකාව සමඟම මෙහි වගන්ති අංක 11.1 අනුව ඉදිරිපත් කල යුතුය.