ලංසු මිල නියැදි කොටස්

ලංසු මිල. 12.1 පොදු කොන්දේසි (General Condition) හි වගන්ති අංක 6 අනුව ඉන්ධන සඳහා මිල වෙනස් වන ආකාරයට හැර අනෙකුත් කිසිම හේතුවක් මත ලංසුකරු විසින් සඳහන් කර ඇති ලංසුවේ සඳහන් මිල ගණන් නොවෙනස් විය යුතුය. 12.2 ප්‍රමාණ බිල් පත්‍රයෙහි සඳහන් සියළුම අයිතමයන් සඳහා මිල ගණන්, ඒකක මිල සමඟම දැක්විය යුතුය. 12.3 ප්‍රමාණ බිල්පතෙහි මිල සඳහන් කිරිමේදී ලංසුකරු විසින් තමා විසින්ම පහත සඳහන් කරුණු සැලකිල්ලට ගත යුතුය. a) කොන්ත‍්‍රාත්තුවට සම්බන්ධව හෝ එයට බැඳී ඇති බදු වර්ග, එයින් කල යුතු දේ, ණය වාරික හා වගකීම්. b) කොන්ත‍්‍රාත්තුවට ඉදිරිපත් කරන, වාහන, උපකරණ, නියමිත ආකාරයට නඩත්තු කිරීම සඳහා අවශ්‍ය වන මෙහි සඳහන් කර නොමැති අමතර ද්‍රව්‍යයන් c) කුලී පදනම මත වාහන සැපයීම සඳහා අවශ්‍ය ඉන්ධන මිල, රියදුරු වැටුප් හා අනෙකුත් අත්‍යාවශ්‍ය වියදම් 12.4 ලංසුකරු අගය එකතු කල බද්ද සඳහා ලියාපදිංචි වී ඇත්නම්, එම බදු මුදල ලංසුවේ වටිනාකමට අමතරව වෙනමම දැක්විය යුතුය. අදාල බදු අංකයද සඳහන් කල යුතුය. අගය එකතු කල බදු අංකයක් ලබාදීම එම බදු මුදල ගෙවීම සඳහා අනිවාර්ය සාධකයක් වේ. යම් ලංසුකරුවෙකු අගය එකතු කල බද්ද සඳහා ලියාපදිංචි වී නැත්නම්, ලංසුවේ වටිනාකම ලංසු පත්‍රකාවේ දැක්විය යුතුය. එසේම දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් විසින් එම බදු සඳහා ලියාපදිංචි වී නොමැති බවට සනාථ කරන ලද ලිපියක් ලංසු පත‍්‍රිකාව සමඟ අමුණා තිබිය යුතුය. ලංසුකරු, මෙම බද්ද සඳහා ලියාපදිංචි සමාගමක් නොවේ නම් අගය එකතු කල බදු ගෙවනු නොලැබේ. 12.5 ලංසුකරු විසින් ඔහුගේ ලංසු මිල ගණන් සඳහා වට්ටම ලබා දෙනු ලබයි නම් දෙනු ලබන වට්ටම් ප්‍රතිශතයෙන් ප්‍රමාණ බිල් පත්‍රයේ ඒකක මිල ගණන් (Rates) අනුරූපි ලෙස සකස් කර එම වට්ටම අවස්ථානුරූපී මුදල් (provisional sums) හැර ප්‍රමාණ බිල් පත්‍රයේ ඇති අනෙකුත් සෑම සියළුම අයිතම සඳහාම ලබා දී ඇති වට්ටම් ප්‍රතිශතයෙන් බෙදා වෙන් කිරීම කළ යුතු ය. මෙම ඒකක මිල ගණන් කොන්ත්‍රාත්තුවේ නිමාව සඳහා අදාල සියළුම අමතර වැඩ (extra work) සඳහා අදාල වේ.