සාමාන්‍ය බැඳීම්, කොන්ත්‍රාත්කරු. කොන්ත්‍රාත්තුවට අනුකූලව නීති රිති යටතේ සියළුම කාර්යයන් කරගෙන යා යුතුය. සියළුම අධීක්ෂණය කටයුතු, රියදුරන්, ඉන්ධන, නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය වන අමතර කොටස්, නඩත්තු හා අළුත්වැඩියාවන් සඳහා අවශ්‍ය වන සේවාවන් නියමිත පරිදි සැපයීම කල යුතුය. වාහනය භාර නිළධාරියාගේ අවශ්‍යතාවය පරිදි සාමාන්‍ය වැඩ කරන දින වලට අමතරව, රාත්‍රී වැඩමුර, ඉරු දින, ප්‍රසිද්ධ නිවාඩු දින, රජයේ නිවාඩු දින, වෙළඳ නිවාඩු දින සඳහාද වාහන සැපයීම කල යුතුය. කොන්ත්‍රාත්තුව ආරම්භ කිරීමට පළමුව රියැදුරු මහතාගේ යෝග්‍යතාව ඔප්පු කිරීම සහ ලංකා ගමනාගමන මණ්ඩලයේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් හෝ වෙනත් බලයලත් ආයතනයකින් වෛද්‍ය වාර්තාවක් කොන්ත්‍රාත්කරු විසින් සැපයිය යුතුය. කිසියම් හේතුවක් නිසා රියදුරු මාරු කරන්නේ නම් රියදුරුගේ යෝග්‍යතාවය සඳහා නව සහතිකයක් ඉහත සඳහන් ආයතනයකින් ලබා ගෙන සේවා යෝජකයා වෙත සැපයිය යුතුය.