Contract
පරිසර අමාත්‍යංශය හා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම-2023 ජනවාරි 23
විදුලි බල කර්මාන්තයේ නියාමන ආයතනය වශයෙන් විදුලි ආරක්ෂාව හා සංරක්ෂණය යන වගකීම් ද අප වෙත පැවරී තිබෙනවා. විශේෂයෙන් ම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ මෙන්ම ශ්‍රී ලංකා විදුලි බල පනතේ ද පරිසර ආරක්ෂාව සදහා වන ජාතික අරමුණු සදහා අපගේ දායකත්වය ලබාදිය යුතු බවට ප්‍රතිපාදන සලසා තිබෙනවා.
මේ වන විට විදුලි කාර්මික ශිල්පීන් ප්‍රමිතිගත කිරීම හා ඔවුන්ට බලපත්‍රයක් නිකුත්කිරීම ආරම්භ කර තිබෙනවා. ඒ යටතේ විදුලි කාර්මික ශිල්පීන් 8000කට පමණ පිළිගත් වෘත්තිකයින් වශයෙන් වෘත්තියෙහි නිරත වීම සදහා අවශ්‍ය වන ජාතික වෘත්තීය සුදුසුකම් නොමිලේ ලබාගැනීමට හා වෘත්තීය හැදුනුම්පත ලබාගැනීමට ඉඩ කඩ ලැබී තිබෙනවා.
මෙම කාර්මික ශිල්පීන් ට ශ්‍රී ලංකා ඉංජිනේරු සභාව යටතේ පිළිගත් ඉංජිනේරු කාර්මික ශිල්පීන් වශයෙන් පිළිගැනීම ලබා දීම සදහාද ශ්‍රී ලංකා ඉංජිනේරු සභාව සහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මේ වන විට පියවර ගෙන තිබෙන බව කිව යුතු යි.
අපි පසුගිය වසර කිහිපය තුල අපේ නියාමනයට සම්බන්ධ කර්මාන්ත ආශ්‍රිතව ආරක්ෂාව, සංරක්ෂණය හා ප්‍රමිතිගත සේවාවක් ලබාදීමේ ඉලක්ක සපුරා ගැනීම සදහා අදාළ වෘත්තිකයින් සදහා ජාතික වෘත්තීය සුදුසුකම් නොමිලේ පිරිනැමීම සදහා පියවර ගත්තා.
මේ වන විට ජලනල කාර්මික ශිල්පීන් 1000කට අධික සංඛ්‍යාවකට නොමිලේ ජාතික වෘත්තීය සුදුසුකම් ලබාගැනීම සදහා පහසුකම් සලසා තිබෙනවා. එමෙන්ම මෙරට පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනය සදහා අවශ්‍ය වන කාර්මික ශිල්පීන්ට නොමිලේ ජාතික වෘත්තීය සුදුසුකම් පිරිනැමීම ද ආරම්භ කර තිබෙනවා.
විශේෂයෙන්ම සුර්ය බල තාක්ෂණ ශිල්පීන් ට ජාතික වෘත්තීය සුදුසුකම් 3 වන මට්ටම නොමිලේ පිරිනැමීම මේ යටතේ සිදු කෙරෙනවා.
කාර්මික ශිල්පීන් බලගැන්වීමේ ජාතික වැඩසටහනට එක් වන මීළග කාර්මික ශිල්පී ශ්‍රේණිය වන්නේ අද අපි අත්සන් කරන අවබෝධතා ගිවිසුම යටතේ පහසුකම් සලසන ශීතකරණ හා වායුසමීකරණ කාර්මික ශිල්පීන්.
අපේ ශ්‍රම බලකාය තුල අත්දැකීම් බහුල පිරිසක් විවිධ වෘත්තීන්හි නිරත වනවා. මේ බොහෝ දෙනාට පිළිගත් සුදුසුකමක් හෝ සහතිකයක් නොමැති වීම ඒ් ඒ් කර්මාන්තවල සේවා තත්වය ප්‍රමිතිගත කිරීම සදහා මෙන්ම මෙම කාර්මික ශිල්පීන්ගේ වෘත්තීය ප්රගමනයටද බාධාවක්.
අද අපි අත්සන කරන අවබෝධතා ගිවිසුම මගින් ශීතකරණ හා වායු සමීකරණ කාර්මික ශිල්පීන්ට නොමිලේ ජාතික වෘත්තීය සුදුසුකම් 3වන මට්ටම ලබාගැනීමට පහසුකම් සලසා තිබෙනවා.
ඒ වගේම ඒ සුදුසුකම් ලබාගැනීමෙන් අනතුරුව ඔවුන්ට හැදුනුම්පතක් නිකුත් කෙරෙනවා. පරිසර අමාත්‍යංශයත් සමග අද ක්‍රියාවට නංවන මේ වැඩපිළිවෙල මගින් ඔ්සෝන් වියන ආරක්ෂා කිරීම සදහා කටයුතු කල හැකි ප්‍රමිතිගත ශීතකරණ හා වායු සමීකරණ කාර්මික ශිල්පීන් පිරිසක් බිහිකර ගැනීමට හා එය ජාත්‍යන්තර වශයෙන් ආදර්ශයක් සැපයීමට හැකි වැඩපිළිවෙලක් බවට පත්වනු ඇති බවට මා විශ්වාස කරනවා.