අතරමැද මාසික ගෙවීම්. ගෙවීම් ලබා ගැනීම සඳහා කොන්ත්‍රාත්කරු විසින් ඉංජිනේරුවරයා වෙත බිල්පත් සහිතව ලිඛිතව ඉල්ලීමක් කලයුතු අතර, ඒ සඳහා “කොන්ත්‍රාත්තු දත්තයන්” හි සඳහන් වන පරිදි කරන ලද සේවාවන් හා අදාල ලේඛණ ආදියද ඉදිරිපත් කල යුතුය. මණ්ඩලය මගින් සපයන ලද ධාවන සටහන් නිවැරදිව සම්පූර්ණ කර කොන්ත්‍රාත්කරු විසින් නිසි පරිදි පුරවා ඒ සඳහා අවසර ලබාගෙන (authorized) සෑම මසකම බිල් පත්‍රය සමග ඉදිරිපත් (provide) කළ යුතුය. ඉංජිනේරුවරයා විසින් කොන්ත්‍රාත්කරු ඉදිරිපත් කරනු ලබන මාසික ප්‍රකාශණ ලැබී දින 14ක් ඇතුලත පරික්ෂා කර, ඔහුට ගෙවිය යුතු මුදල සහතික කල යුතුය. සහතික කල පසු දින 14 ක් තුල එම මුදල ගෙවීමට පියවර ගත යුතුය. කොන්ත්‍රාත්කරු විසින් මාසිකව ගෙවීම් ඉල්ලා බිල්පත් ලැබුනු පසු ඉංජිනේරුවරයා විසින් ගෙවීම් කටයුතු සිදු කල යුතුය. මෙම කොන්ත්‍රාත්තුව සඳහා සියළුම ගෙවීම් ශ්‍රී ලංකා රුපියල් මඟින් ගෙවිය යුතුය. VAT සඳහා ගෙවිම් වෙනමම අයිතමයක් ලෙස බිලෙහි දැක්විය යුතු අතර VAT ලියාපදිංචි අංකය දැක්විය යුතුය. ලංසු විවෘත කල පසු ඉන්ධන මිල ඉහල ගියහොත් හෝ පහල ගියහොත්, ඒ අනුව වැඩිවන වියදම බිල්පතට එකතු කරන අතර, අඩුවන මිල බිල්පතින් අඩු කිරීමට කටයුතු කරනු ලැබේ. මෙය පහත සඳහන් ආකාරයට ඉටු කරනු ඇත. ඉන්ධන මිල වෙනස ක්‍රියාත්මක වන්නේ එය සිදුකල මසට පසු මාසයේ සිට ඉදිරියට වේ. ඉන්ධන මිල ලීටරයකට රු.3.00 ට වැඩි ප්‍රමාණයකින් ඉහල ගියහොත් පමණක් මිල වැඩිවීම පහත සඳහන් සමීකරණය අනුව ගණනය කරනු ලැබේ. ම ිල වැඩිවීම =(වැඩි වූ ඉන්ධන මිල / ලීටර් - පවතින ඉන්ධන මිල /ලීටර්) x මාසය තුලදී වාහනයේ ඉන්ධන පරිභෝජනය (ලීටර් / කි.මී ) ධාවනය වු සත්‍ය km ගණන ඉන්ධන මිල අඩුවුවහොත් මිල අඩුවීම පහත සඳහන් පරිදි ගණනය කරනු ලැබේ. මිල අඩුවීම =(පවතින ඉන්ධන මිල / ලීටර් - අඩු වූ මිල / ලීටර්) x මාසය තුල වාහනයේ ඉන්ධන පරිභෝජනය (ලීටර් / කි.මී) ධාවනය කල සත්‍ය km ගණන ඉන්ධන පරිභෝජනය ඉංජිනේරුවරයාගේ නියෝජිත මගින් ඉන්ධන පරිභෝජන පරීක්ෂණයකින් පසු අනුමත කල යුතුය. ඉදිරිපත් කරන වාහන රාජකාරි අවශ්‍යතාවය මත, කොන්ත්‍රාත් දත්තයන් හි සඳහන් මසකට අවශ්‍ය අවම දින ගණන සේවය සඳහා සැපයිය යුතුය. වැඩ කරන දින වල උදේ 8.00 ට පෙර හා ප.ව.5.00 ට පසු අවම වශයෙන් පැය එකක් සේවය කලහොත් අතිකාල ගෙවීම සඳහා හිමිකම් ලබනු ඇත. ඉරිදා දින සඳහා රියදුරු අතිකාල සඳහා හිමිකම් ලබන්නේ වාහනය කොන්ත්‍රාත් දත්තයන්හි සඳහන් පරිදි සැපයිය පසුව ය. කොන්ත්‍රාත්තුවෙහි සඳහන් මාසිකව ධාවනය කරනු ලබන දුර ධාවනය නොකර Revised on 16-08-2016 න්නේ නම්, ගෙවීම් අඩු කිරීම කරනු ලබන්නේ ධාවනය නොවූ දුර සඳහා පමණි. එය පහත සඳහන් පරිදි වේ. ම ිල අඩුවීම = කොන්ත්‍රාත්තුවේ සඳහන් - මාසය තුළ ධාවනය ධාවනය කරනු ලබන දුර කළ සත්‍ය km ගණන x ලංසුව භාරගන්නා වාහනයේ ඉන්ධන පරිභෝජනය (කි.මී /ලීටර්) අවසන් දිනට ඉන්ධන මිල Revised on 21-02-2018