කාර්යය සාධන ඇපකරය. කොන්ත්රාත්තුව පිරිනැමීමේ ලිපිය ලැබී දින 14 ඇතුලත කොන්ත්රාත්කරු විසින්, අදාල කාර්යය සඳහා කාර්යය සාධන ඇපකරයක් ඉදිරිපත් කල යුතුය. • එහි වටිනාකම කොන්ත්රාත්තු දත්තයන් හි සඳහන් වේ. • අදාල ආකෘති පත්රය ලංසු පත්රිකාවේ පරිච්ඡේද 09 හි ඇත. • මෙම ඇපකරය පහත සඳහන් ආයතන මඟින් ලබා දිය හැකිය. ශ්රී ලංකා මහ බැංකුව මඟින් අනුමත කරන ලද ශ්රී ලංකාවේ ක්රියාත්මක වන ඕනෑම බැංකුවකින් ලබාගත් බැංකු ඇපකරයක් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නමට ශ්රී ලංකාවේ බැංකුවක් මඟින් තැන්පත් කරන ලද ස්ථාවර තැන්පතුවක් හෝ පාස් පොතක්. ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයට මුදල් තැන්පත් කර ලබාගත් කුවිතාන්සියක් (මුල් කුවිතාන්සිය මුලික ලංසු පත්රිකාව සමඟ අමුණා තිබිය යුතුය) ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙත ලියන ලද ශ්රී ලංකාවේ ක්රියාත්මක වන බැංකුවක් මඟින් නිකුත් කරන ලද සහතික කරන ලද චෙක්පතක්